ලාංකිකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට මොවුන් සම්බන්ධ බවයි ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
පුබුදුමුණි විදුර ලසන්ත ද සොයිසා විඡේසිංහ,වර්ණකුලසුරිය ප්‍රනාන්දු ප්‍රසන්න ජානක, ඩබ්ලිව්. සාලිය පෙරේරා,ජයසිංහ ආරච්චිගේ සුජිත් නිශාන්ත, මොහමඩ් මතිස්, නිමල් පද්මසිරි පතිරණ සහ වසන්ත ලියනගේ නැමැති ඉතාලියේ මිලානෝ නගරය සහ ඒ අවට සිටින පිරිසකට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.








