FAST NEWS

24×7 Around the Globe

ලාංකිකයන් 7දෙනෙකුට රතු වරෙන්තු.

ලාංකිකයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට මොවුන් සම්බන්ධ බවයි ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

පුබුදුමුණි විදුර ලසන්ත ද සොයිසා විඡේසිංහ,වර්ණකුලසුරිය ප්‍රනාන්දු ප්‍රසන්න ජානක, ඩබ්ලිව්. සාලිය පෙරේරා,ජයසිංහ ආරච්චිගේ සුජිත් නිශාන්ත, මොහමඩ් මතිස්‌, නිමල් පද්මසිරි පතිරණ සහ වසන්ත ලියනගේ නැමැති ඉතාලියේ මිලානෝ නගරය සහ ඒ අවට සිටින පිරිසකට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

in