ගුවන් යානයක් පියාසර කරනු දැක්වෙන වීඩියෝවක හඳුනා නොගත් ආකාශ වස්තුවක්ද සටහන් වීමේ සිදුවීමක් ඇමරිකාවෙන් වාර්තා වී තිබේ.
නිව්යෝක්හි ජෝන් එෆ්. කෙනඩි ගුවන්තොටුපළෙන් වර්ජින් අත්ලාන්තික් ගුවන් සේවයට අයත් යානයක් ගුවනට නංවනු වීඩියෝගත කර ඇති අතර හඳුනා නොගත් ආකාශ වස්තුවක් අධික වේගයෙන් ගුවන් යානය පසුකර යනු එහි දක්නට ලැබේ.
ජුලි 7වනදා වාර්තා වී ඇති මෙම සිදුවීමට අදාළ වීඩියෝ පටය පිටසක්වළ යානා පිළිබඳ වීඩියෝ පළ කරන යූටියුබ් නාලිකා විසින් අන්තර්ජාලයට එක්කර ඇත.
එවැනි යූටියුබ් නාලිකාවක් වන ලූක් නවු ටීවී හි හිමිකරු රික් පවසා ඇත්තේ මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම සත්‍ය එකක් බවයි.
ඇතැමුන් මෙය ව්‍යාජ ලෙස සකස් කරන ලද්දක් බව පවසා ඇති අතර යූටියුබ්හි සටහනක් එක්කරමින් ටොම් බෝල්ඞ්වින් පවසා ඇත්තේ එම වස්තුවට රක්ත වර්ණ ශක්ති ක්‍ෂේත‍්‍රයක් පවා තිබෙනු දක්නට හැකි බවයි.
මේ කුරුල්ලකු විය හැකි බවට ඇතැමෙක් පවසා ඇති අතර කුරුළු න්‍යාය බැහැර කළ ඇතැම් අන්තර්ජාල රසිකයන් ඒ සුපර්මෑන් විය හැකි යයි පවසා ඇතැයිද වාර්තා වේ.
[youtube url=”https://www.youtube.com/watch?v=NSu5P3oY-OU” width=”560″ height=”315″]








