ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ සම්පූර්ණයෙන් අවසන් කර එම ලිපිගොනුව නීතිපති යුවන්ජන් විජේතිලක මහතා වෙත භාරදී ඇත.
ව්‍යාජ උපන් දිනයක් සහිතව රාජ්‍ය ලේඛන සකස් කර වංචාවක් සිදුකිරීම ඔවුනට නැඟී ඇති ප්‍රධාන චෝදනා වෙයි.
ඔවුනට නැගී ඇති චෝදනාවලට අනුව 1979 අංක 15 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ දැක්වෙන 454, 455, 462 වගන්තිවලට අනුව නඩු පැවරීම මැතිවරණයෙන් පසුව සිදුකිරීමට නියමිත ය.
මෙම චෝදනාවලට ඔවුන් දෙපළ වරදකරුවන් වුවහොත් වසර 10කට වැඩි කාලයක් සිරගත කරනු ඇතැයි ආණ්ඩුවේ ‘දිනමිණ‘ පුවත්පත වාර්තා කරයි.








