FAST NEWS

24×7 Around the Globe

ඔබ හිතන්නේ අපිට තරුණ ක්‍රිඩකයන් නෑ කියලා : සනත් ද හින්දු වෙත පවසයි

ඉන්දීය කණ්ඩායම මේ වන විට දක්ෂතා දක්වමින් සිටියත්, ශ්‍රී ලංකා තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයටන්ටද දක්ෂතා දැක්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඉන්දියාවේ ද හින්දු පුවත් සේවයට සාකච්ඡාවක් ලබා දෙමින් පැවැසීය.

“අපි පාකිස්තායට එරෙහිව හොඳින් කළේ නෑ. මේ වන විට ශ්‍රී ලංකාව තරමක් ඉගෙනගැනීමේ කාලසීමාවක ගමන් කරන බව ඔබ තේරුම්ගත යුතුයි. අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩයන් වන සංගා, මහේල හා ඩිල්ෂාන් සමුඅරන් ඉන්නේ. නමුත් අපිට හොඳ ක්‍රීඩකයන් ඉන්නවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත්, මම බලාපොරොත්තුවෙනවා මේ තරග තුනේදී ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරාවි කියලා. ඉන්දියාව මේ වන විට හොඳින් ක්‍රීඩා කරනවා තමයිත නමුත් අපේ තත්ත්වයන් යටතේ අපි ක්‍රීඩකයෝත් හොඳයි.

ඔබ හිතන්නේ අපිට තරුණ ක්‍රිඩකයන් නෑ කියලා. නමුත් අපිට තරුණ ක්‍රීඩකයන් ඉන්නවා. අපි තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතුයි. මම හිතනවා ඔවුන්ට අඩුම තරමේ මාස හයක කාලයක්වත් ලබාදිය යුතුයි කියලා”