FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියාට එරෙහිව තනපට විරෝධතාවයක්.(photos)

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සිය පියයුරු වලින් පහර දීමේ චෝදනා මත හොංකොං අධිකරණයක් විසින් කාන්තාවක් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව පුරුෂයන් සහ කාන්තාවන් පිරිසක් තනපටවලින් සැරසී හොංකොං නුවර උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

තිස් හැවිරිදි ලැයින්ග් නම් එම කාන්තාව විරෝධතාවක නිරත වන අතර තුර චෑන් කාපෝ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඇයගේ පියයුරු වලින් අල්ලා තල්ලු කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් හොංකොං අධිකරණය විසින් පොලිස් නිලධාරියාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළ අතර කියා සිටියේ කාන්තාව විසින් හිතා මතාම පොලිස් නිලධාරියාට චෝදනා කිරීමේ අරමුණෙන් සිය පියයුරු ඔහු දෙසට තෙරපා ඇති බවයි.

පොලිස් නිලධාරියාට එරෙහිව සිය පියයුරු ආයුධයක් ලෙස භාවිතා කිරමින් ඔහුගේ වෘත්තීය ප්‍රතිරූපයට හානි කිරීමේ වරදට ඇයට දින පහළොවක සිර දඬුවමක්ද අධිකරණය විසින් නියම කර ඇත.

දඬුවමට යටත් වූ කාන්තාව කියා සිටියේ විරෝධතාවේ යෙදී සිටියදී ඇතිවූ ගැටුමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා විසින් සිය බෑගයෙන් ඇල්ලීමට තැත් කරන අවස්ථාවේ සිය පියයුරු ඇල්ලූ බවයි.

‘කාන්තාවගේ පියයුරු යනු ආයුධයක් නොවේ’ යන උද්ඝෝෂණ පාඨය ප්‍රදර්ශනය කරමින් දෙසීයකට අධික විරෝධතා කරුවන් පිරිසක් හොංකොං පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නියැලුණු අතර පියයුරු සංකේතවත් කරමින් විරෝධතා කරුවන් තනපට වලින් සැරසී තිබෙනවා.

1132539150803070742_hong_kong_breast_walk_640x360_getty150803121927_hong_kong_protest_over_breast_as_weapon_512x288_getty

CLYjqglUYAARlqj150803121858_hong_kong_protest_over_breast_as_weapon_512x288_getty