FAST NEWS

24×7 Around the Globe

රූකාන්ත නැවත රනිල් සමග රට වටේ යයි.

ජනප්‍රිය ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක මහතා, මෙවර මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග රට පුරා පැවැත්වෙන ප්‍රචාරක රැස්වීම වලට සහභාගී වේ.

ඔහු පෙරේදා (2 දා) එක්‌සත් ජාතික පක්‍ෂ මාවනැල්ලේ පැවැති රැලියට සහභාගි වී ගී ගායනා කරනු ලැබීය.

මීට වසර ගණනාවකට පෙර ඒ මහතා විසින් ගායනා කරනු ලැබූ “ඉතින් හදමු අපි අලුත් රටක්‌ රොද බැඳි එකම සිතින්” නමැති ගීතය එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැලිය ඇමතීමෙන් පසු ගායනා කළේය.

රූකාන්ත මහතා සමග ඔහුගේ බිරිඳ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියද එම රැලිය පැවැති භූමියට පැමිණ සිටිනු දක්‌නට ලැබිණි. මේ අතර අගමැති බිරිඳ වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මියද එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන රැලි සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සමග සහභාගි වී සිටියහ.

එක්‌සත් ජාතික පක්‍ෂ මහලේකම් මහ මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.