FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත වේගපන්දු යවන්නාගෙන් චමීන්ද වාස්ට සමාන දස්කමක්.

ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ජෝ ලීච් සමත් වී ඇත.

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක් වන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ (02දා) පැවැත්වුණු නෝදම්ටොන්ෂයර් හා වෝර්සෙස්ටර්ෂයර් අතර තරගයකදී ඔහු මෙම දස්කම් දක්වා ඇත.

එහිදී වොසෙස්ටර්ෂයර් වෙනුවෙන් ක්‍රීඩා කළ ලීච් විසින් නොදැම්ටොන්ෂයර් කණ්ඩායමේ රිචඩ් ලෙවී, රොබ් කියෝ හා බෙන් ඩුකෙට් පළමු පන්දු ත්‍රිත්වයෙන්ම දවාලීමට සමත් විය. කෙසේ නමුත් මෙම තරගයෙන් ලකුණු 21 ක ජයක් ලැබීමට සමත් වූයේ නොදැම්ටොන්ෂයර් කණ්ඩායමයි.

අන්තර්ජාතික එක්දින තරගයකදී පළමු පන්දු තුනෙන්ම කඩුළු ත්‍රිත්වයක් වාර්තා කළ එකම පන්දු යවන්නා ශ්‍රී ලංකාවේ චමින්ද වාස් ය. ඔහු විසින් එම දස්කම දක්වන ලද්දේ 2003 වර්ෂයේදී බංග්ලාදේශයට එරෙහිවය.