FAST NEWS

24×7 Around the Globe

ISIS බෙලි කපන අළුගෝසුවා වන ජිහාඩ් ජෝන් මර බියෙන් පලා ගිහිල්ලා.

ISIS ඝාතන වීඩියෝවන් රැසක් සඳහා එක්වූ ජිහාඩි ජෝන් හෙවත් බි‍්‍රතාන්‍ය ජාතික මොහොමඞ් එම්වාසි එම සංවිධානයේ පාලන ප‍්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

බි‍්‍රතාන්‍යය විසින් ඝාතනය කර හෝ නොකර අවශ්‍යව ඇති ත‍්‍රස්තවාදියකු ලෙස නම් කරන ලද ජිහාඩි ජෝන් බි‍්‍රතාන්‍ය සහන සේවකයින්වූ ඬේවිඞ් හේන්ස්, ඇලන් හෙනින් සහ ඇමරිකානු මාධ්‍යවේදීන් වූ ජේම්ස් ෆෝලි හා ස්ටීවන් සොට්ලොෆ් යන පුද්ගලයින්ගේ ගෙල සිඳ ඝාතනය කරන ලදී. ලොව සන්ත‍්‍රාසයෙන් ඇලලූ එම වීඩියෝවන් සඳහා පෙනී සිටි ඝාතක තරුව වූ ජිහාඩි ජෝන් ISIS සංවිධානයේම ඉලක්කයක් බවට පත්ව ඇතැයි වාර්තා පළවී තිබේ.

ද මිරර් පුවත්පත් ආරංචිමාර්ගයකට අනුව ජිහාඩි ජෝන්ගේ ජනපි‍්‍රයත්වය සෙසු ත‍්‍රස්තවාදීන් ඊර්ෂ්‍යාවට පත් කර ඇති අතර බි‍්‍රතාන්‍ය හා ඇමරිකානු ජාතිකයින් මෙන්ම ජපාන ජාතිකයින් වූ හරූනා යුකාවා හා කෙන්ජි ගොටෝ මරා දැමීම සම්බන්ධයෙන් ඇමරිකානු විශේෂ හමුදා විසින් තමන් දඩයම් කිරීමට ඇති අවදානම සම්බන්ධයෙන්ද ඔහු බියට පත්ව සිටී.

අදාළ ආරංචි මාර්ගය පවසා ඇත්තේ තමන්ට අනවශ්‍ය නම් ඔහුට ගොදුරුවූවන්ට සිදුවූ ඉරණමම ජිහාඩි ජෝන්ටත් අත්කරදීමට ISIS සංවිධානය කිසිවිටකත් නොපැකිළෙන බවයි.

මේ නිසා පලා ගොස් සිටින ජොන් නොහොත් එම්වාසි සිරියාවේ එතරම් ජනප‍්‍රිය නොවන සන්නද්ධ කණ්ඩායමකට එක්ව වෙනත් නමකින් සැගවී සිටින බව පැවසේ.

කෙසේවෙතත් ඔහු ලිබියාවේ සැගවී සිටින බව පසුගියදා ඇමරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින් අනාවරණය කරනු ලැබිණි.