FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයෙන් සරත් ෆොන්සේකාට දැඩි විරෝධය..

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු මෙන්ම එජාපයේ පිරිසක්ද විරෝධය පළකිරීම හේතුවෙන් එම අමාත්‍ය ධුරය වෙනත් අයකුට ලබාදීමට නියමිතව ඇත.
පසුගියදා පැවත්වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එම අමාත්‍යධූරය ෆොන්සේකා මහතා හට ලබාදෙන ලෙසට එජාපයෙන් ඉල්ලා තිබූ අතර ඒ සඳහා එල්ල වූ විරෝධය හේතුවෙන් එම අමාත්‍ය ධුරය තාවකාලිකව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පැවැරිණි.
මේ වන විට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතා හට ලබා දීමට යෝජනා වී ඇති නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණ නැති බවත් ඉක්මනින්ම ඒ සඳහා අමාත්‍යවරයකු පත්කරන බවත් රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.