FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ පළමු වෙඩි මුරයට ශ්‍රීලනිපයෙන් 06ක් නගී

රට අස්ථාවර නොකර වහාම මැතිවරණයක් ප්‍රකාශ කරන ලෙසට රජයට බල කිරීමේ අරමුණින් ඒකාබද්ධ විපක්ෂය රට පුරා ජනරැලි මාලාවක් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර එහි පළමු රැලිය 7 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එම රැළිය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු 6 ක් සහභාගි වීමට නියමිතව ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවණයෙන් අනතුරුව ශ්‍රීලනිප අගමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් එජනිස රජයක් පිහිටුවනු ඇතැයි බලා‍පොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු මේ වන විට විපක්ෂයට එක්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා පවත්වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.