FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස්ගේ ගමන අවනිශ්චිතයි – තීන්දුවත් එයි !!!

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 නිත්‍ය නා ඇන්ජලෝ මැතිව්ස්ට මාර්තු 06 වැනිදා ආරම්භ වීමට නියමීත නිදහස් කුසලාන තරගාවලිය සඳහා සහභාගි නොවීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

පසුගිය සෙනසුරාදා ආරම්භ වූ අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් කෝල්ට්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි තේරීම් කමිටුව බලාපොරොත්තු සහගතව සිටි නමුත් සෙනසුරාදා හෝ ඉරිදා පැවැති තරග දෙකින් එකකටවත් මැතිව්ස් ක්‍රීඩා කර නොමැති බව පැවසේ.

කෙසේ අද (27) දිනයේ පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකදී මැතිව්ස් සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇති බවද පැවසෙයි.

එ අනුව නිත්‍ය නායක මැතිව්ස් ක්‍රීඩා නොකරන්නේ නම් නිදහස් කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ටම පැවරෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 6 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමීතව තිබේ.

DE සිල්වා