FAST NEWS

24×7 Around the Globe

අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මොර්නි මෝකල් සමුගනියි..

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක මොර්නි මෝකල් ඔස්ට්‍රේලියාව සමග සිය මව් රටේදී මාර්තු 01 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත බව විදෙස් ක්‍රීඩා වර්තා පවසයි.
33 වැනි වියේ පසුවන මෝනි මෝකල් ගතවූ පසුගිය 2017 වසර තුළ පමණක් ටෙස්ට් කඩුළු 39ක් දවා ගැනීමට සමත්ව සිටින අතර ,එය 2010 වසරේ සිට ඔහු වසරකදී දැක්වූ විශිෂ්ඨතම පන්දු යැවීම ලෙස සටහන් වෙයි.
එසේම ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම කඩුළු දවාගත් ලැයිස්තුවේ සිවු වැනි තැන සිටියි.
සිය පවුලට මුල් තැන දෙන බව මෙම තීරණය සම්බන්ධයෙන් ඔහු මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
DE සිල්වා