මයිකල් මැකෝමැක් ඔස්ට්‍රේලියාවේ නව උප අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා පත්කරගෙන ඇත.
ඔහු ඔස්ට්‍රේලියාවේ රිවරීනා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන The Daily Advertiser නමැති සඟරාවේ සංස්කාරකවරයා වන අතර දක්ෂ මාධ්‍යවේදියෙකු වන මැකෝමැක් ඔස්ට්‍රේලියානු ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේය.
අවුරුදු දෙකක් පුරාවට ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය ධුරය දැරූ බානබී ජොයිස්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව මැකෝමැක් මෙම ධූරය සදහා සුදුසුකම් ලැබීය.









