FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මංගලට නිළ වාහන 03 ක් හා කාර්ය මණ්ඩලයට 06ක්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා තම පෞද්ගලික පරිහරණය සදහා වෙන්කර ඇත්තේ නිළ වාහන 3 ක් පමණක් බව එම අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත.
එමෙන්ම අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සදහා වෙන්කර තිබෙන්නේ නිළ වාහන 6 ක් පමණක් බවත් ඔවුන් සදහන් කර තිබේ.
අමාත්‍යවරයා වෙනුවෙන් මර්සිඩිස් බෙන්ස් රථයක්, බී එම් ඩබ්ලිව් මෝටර් රථයක් හා ටොයෝටා ජීප් රථයක් ලබාදී ඇති බවත් කාර්ය මණ්ඩලය සදහා නිසාන් මෝටර් රථ 4ක් හා කැබ් රථ 2ක් ලබාදී ඇති බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර තිබේ.