පාකිස්තාන සුපර් ලීග් විස්සයි – 20 තරඟාවලියේ ආරම්භක තරගය කඩුළු 07 කින් ජය ගැනීමට , කුමාර් සංගගක්කාර නියෝජනය කරන Multan Sultans කණ්ඩායම ඊයේ (22) සමත් විය.
කාසියේ වාසිය දිනාගත් Sultans කණ්ඩායමේ ආරාධනයෙන් පළමු පන්දුවට පහරදුන් Peshawar Zalmi කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 151 ක් රැස් කර ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි Multan Sultans කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 01 තුළ කඩුලු 03 ක් පමණක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර ගියේය.
මෙහිදි Sultans ආරම්භක පිතිකරු ලෙස කටයතු කළ කුමාර් සංගක්කාර කණ්ඩායමේ ජයග්රහණයේ නියමුවා වෙමින් පන්දු 51කදි ලකුණු 57 ක් රැස් කළේය.
එසේම තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට සංක්කාර මෙහිදි සමත් විම සුවිශේෂි වෙයි.
ලකුණු පුවරුව..
DE සිල්වා









