FAST NEWS

24×7 Around the Globe

අගමැතිධුරය පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනපති ගෙන තිබූ තීරණය අත්හිටුවයි….

රටේ උද්ගතවී තිබෙන වත්මන් දේශපාලනික තත්ත්වය හේතුවෙන් ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලය හා අගමැතිධුරය පිළිබදව ඇතිවන තත්ත්වය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිතුමා ගෙන තිබූ තීරණය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
එජාපය සහ ශ්‍රීලනිපය එක්ව ජාතික ආණ්ඩුව ඉදිරියටත් ගෙන යාමට තීරණය කර තිබීම මෙයට මූලිකම හේතු සාධකය බව වාර්තා වේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන් ඉවත් කරන ලෙසත්, නව අගමැතිවරයෙකු පත්කරන ලෙසත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි.
නමුත් මෙම තීරණය අත්හිටුවීමට එතුමා තීරණය කර ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදෙස් අනුව බවද සදහන් වේ.