FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශේෂ ආරාධනාවක්…

කතානායක ධුරය හා ඇමති ධූරයන් පහක් බාර ගන්නා ලෙසට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ඒකාබද්ධ විපක්‍ෂය වෙත ආරාධනාවක් කර තිබෙන බව වාර්තා වේ.
ඊට අමතරව නව ආණ්ඩුවක් සදහා කටයුතු කිරීමටත් එක්වන ලෙස ඉල්ලා සිටි ඇති අතර ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම ආරාධනාව දැඩිව ප‍්‍රතික්‍ෂේප කර ඇත.
ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ ආකාරයේ කිසිදු තනතුරක් බාර නොගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තුවේදී ලබා දීමට තමන් සූදානම් බවත්ය.