FAST NEWS

24×7 Around the Globe

රනිල්ගේ නියමයෙන් එජාපයෙන් විශේෂ කාර්ය අමාත්‍යවරුන් දෙදෙනෙක් පත් වෙයි…!!!

ඉදිරියේදි සිදු කිරීමට නියමීත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතක පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනකු විශේෂ කාර්ය අමාත්‍යවරු ලෙස පත් කිරීමේ තීරණයකට එළැඹ ඇතැයි එම පක්ෂයේ විස්වාශ කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෙ අනුව එම ඇමැතිවරුන් දෙපොළ මේ වන විට දරන අමාත්‍යාංශයන්හි වගකිම් තරුණ ඇමැතිවරුන් වෙත පැවරීමට සැලසුම් කර ඇතැයිද පැවසේ.
එක්සත් ජාතික පක්ෂ තරුණ ඇමැතිවරුන්ට වැඩි තැනක් දෙමින් රැඩිකල් වෙනසක් කිරීමට පක්ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවත්, ඒ බව අගමැතිවරයා විසින් මන්ත‍්‍රීවරුන් වෙත දැනුම් දී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.