FAST NEWS

24×7 Around the Globe

කුකුළු මස් නොමැතිකමීන් කේ.එෆ්.සී ජාලයේ ආපනශාලා වැසෙයි..

කුකුළු මස් නොමැතිකම නිසා ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන කේ.එෆ්.සී ජාලයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ආපනශාලා 900 න් වැඩි ගණනක් වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
සිය බෙදාහැරීම් ජාලය ඩී.එච්.එල් සමාගමට ලබාදීමත් සමඟ කේ.එෆ්.සී ආපනශාලා ජාලය මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව ඇති බව කේ.එෆ්.සී ජාලය නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර මෙහෙයුම් ප්‍රශ්නයක් නිසා මෙම අර්බුදය ඇති වූයේ යැයි ඩී.එච්.එල් සමාගම චෝදනා කරයි.
“අපි කේ.එෆ්.සී සහ අපේ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරනවා. මේ අර්බුදය කඩිනමින් විසඳීමට අපි කටයුතු කරනවා. සිදු වූ අපහසුතාව පිළිබඳව අපි කනගාටුව පළ කරනවා” යැයි ද ඩී.එච්.එල් කුරියර් සමාගමේ ප්‍රකාශිකාවක මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.
DE සිල්වා