FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ හා ශ්‍රීලනිප ආණ්ඩුවකට දුමීන්දගේ සහාය නෑ..

ඒකාබද්ධ විපක්ෂය සමග එකතුවී පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකට තම සහය නොලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා කියයි.
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය පැරදුනු නමුත් එම පරාජය ආණ්ඩුව වෙනස් කිරීමට හේතුවක් නොවන බව ඇමැතිවරයා පවසයි.
මැතිවරණයෙන් මැතිවරණයට ආණ්ඩු වෙනස් කිරීමට ක්‍රියාකරන්නේ නම් පළාත් සභා, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ වශයෙන් මැතිවරණ පැවැත්වීමද අනවශ්‍ය බව ද දුමින්ද දිසානායක මහතා කියයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර අපේ රටට එරෙහිව තිබූ මානව හිමිකම් චෝදනාවලින් තවමත් අපේ රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන නොමැති බව පැවැසූ දුමින්ද දිසානායක මහතා ඒ නිසා ආණ්ඩුව වෙනස් කිරීම රටට හිතකර නොවන බවද පෙන්වා දෙයි.