FAST NEWS

24×7 Around the Globe

රබර් මිල පහත බැසිමෙන් කර්මාන්තය අනතුරේ..

රබර් මිල පහළ බැසීම නිසා කුඩා සහ මහා පරිමාණ රබර් වතු හිමියන් මෙන්ම රබර් ක්ෂේත‍්‍රය ආශ‍්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් දැඩි අසීරුතාවට පත්ව ඇති බව පැවසේ.
ලංකාවේ රබර් ආශ‍්‍රිත කර්මාන්ත රැසක් ක‍්‍රියාත්මක නමුත් ඒවාට අවශ්‍ය රබර් කිරි අඩු මිලට පිටරටින් ආනයනය කිරිම නිසා මෙරට රබර් කර්මාන්තය කඩා වැටීමට ප‍්‍රධාන හේතුව බව ද රබර් ක්ෂේත‍්‍රයේ නියැලි සිටින පිරිස් කියති.
එ අනුව මේ දිනවල වේලන ලද ෂීට් රබර් කිලෝවක මිල රුපියල් දෙසිය විස්සත් දෙසිය පනහත් අතර පහළ මට්ටමක පවතින බව රබර් වතු හිමියෝ කියති.
මෙසේ රබර් මිළ පහළ බැසීමෙන් හේතුවෙන් කර්මාන්ත නඩත්තු සේවක වැටුප් ගෙවීම් ආදී ගැටලූ රැසකට මුහුණ දීමට මහා පරිමාණ වතු සමාගම් වලටද සිදුව ඇති බව පැවෙස්.
දැනට වසර පහ හයක සිට රබර් මිල පහත වැටීම ආරම්භ වූ බව පවසන රබර් වතු හිමියන් පැවති හෝ පවතින කිසිදු රජයක් මේ රබර් මිළ පහත වැටීමේ ගැටලූවට විසඳුම් ලබාදීමට අසමත් වූ බවද පෙන්වා දෙති.
DE සිල්වා