FAST NEWS

24×7 Around the Globe

අර්බුදය විසඳෙන තුරු පාර්ලිමේන්තුව කල් දමන්නැයි ඉල්ලයි..

රටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙන තෙක් පාර්ලිමේන්තු සැසිවාරය කල් දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇත.

දැනට පවතින දේශපාලන ව්‍යාකූලතාව හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාරව ඉටු කළ නොහැකි නිසා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සුදුසු බව මෙම මන්ත්‍රීවරු අගමැතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව හෙට (19) දිනයේ රැස් කිරීමට නියමිතව තිබුණද පාර්ලිමේන්තුව රැස් නොකර මෙම තත්ත්වය සමනය වූ පසු නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නැයි මෙම මන්ත්‍රීවරු අගමැතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.