නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමීන් ජාත්‍යන්තර විස්සයි -20 තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා යමීන් තරගයක් ජයග්‍රහණය කිරිමේ වාර්තාව අද (16) තමන් සතු කිර ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
මීන් පෙර දකුණූ අප්‍රිකා කණ්ඩායම එරෙහිව කඩුළු 06 ක් පමණක් දැවි ලකුණු 236 ක් රැස් කරමීන් වැඩිම ලකුණූ හඹාගොස් ජයගහ්‍රණය කිරිමේ වාර්තාව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සතුව පැවතුණි.
නවසීලන්තයේ සත්කාරකත්වයෙන් එංගලන්තයද සහභාගි වන මෙ තුන්කොන් විස්සයි – 20 තරගාවලියේ 05 වැනි තරගයේදි මෙම දක්ෂතාවය දැක්විමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද (16) සමත් විය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවට පන්දුවට පහර දෙමීන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවි ලකුණු 243 ක් රැස් කීරිමට සමත් විය.
පිළතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුළු 05 ක් පමණක් දැවී ලකුණු 245 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
DE සිල්වා









