FAST NEWS

24×7 Around the Globe

ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ අඛණ්ඩ විරෝධතා මධ්‍යයේ ,රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉතියෝපියානු අග්‍රාමාත්‍ය හෙයිල්මරියම් ඩිසැලින් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන යා හැකි ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබා දෙමින් තමා ඉල්ලා අස්වන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණේ 2012 වසරේ අගෝස්තු 20 වන දා ය.
DE සිල්වා