FAST NEWS

24×7 Around the Globe

අගමැතිකමට නිමල් සිරිපාල ද සිල්වා එයි..

ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

එ අනුව නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී ඇති බවත් කියැවේ.

නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල  මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .