FAST NEWS

24×7 Around the Globe

දකුණු අප‍්‍රිකානු ජනාධිපති සුමාව ධූරයෙන් ඉවත් කිරීමට සැළසුම්..

දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජාකොබ් සූමා එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක පක්ෂය වන එ.එන්.සී පක්ෂය තීරණය කර ,මේ බව නීත්‍යනුකූලව ජාකොබ් සූමාට දැන්වීමට එම පක්ෂය පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දිගින් දිගටම බලකෙරුණ ද ජාකොබ් සූමා එය ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එරට පාලක පක්ෂයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් 107 දෙනා ප්‍රෙටෝරියාහි හෝටලයක් තුළ මේ පිළිබඳ පැය 13ක කාලයක් ඊයේ (13) සිදුකළ රහසිගතව සාකච්ඡවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවත් පැවසේ.
එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපති සූමා වහාම දේශපාලන පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කර තිබේ.
ඔහු ඉවත්කිරීමට පාලක පක්ෂය විසින්ම ලබන 22 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එමට සූදානම් වන හෙයින් එහිදී පාර්ලිමේන්තුව තමන්ට පක්ෂව බහුතර බලය රඳවා ගැනීම සඳහා මෙහිදි කතිකා කොට ඇති බවද පැවසේ.
එරට පවතින දේශපාලන තත්ත්වය මත පාර්ලිමේන්තුව තුළ ඔහුට බහුතර ඡුන්දය ලබාගැනීමට අසමත් වනු ඇති බවත් එහිදී ඔහුට ඉවත්වීමට සිදුවනු ඇති බවත් එරට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇති බවත් විදෙස් වාර්තා කියයි.
2009 වසරේ සිට මේ දක්වා දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමීන් 75 වැනි වියෙහි පසුවන ජාකොබ් සූමාට දුෂණ චෝදනා හා ජනපතිවරයකුට උචිත නොවන හැසිරීම් හේතුවෙන් ජනපති ධුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් එල්ල වූයේ පසුගිය දෙසැම්බරයේ සිටය.
එරට පාලක පක්ෂයේ ප‍්‍රධානත්වය සිරිල් රාමපෝසාට ලැබීමෙන් පසුව මෙම බලපැම් ඉල්ල විය.
එහෙත් ඉල්ලා අස්නොවීමේ තීරණය තුළ දැඩිව සිටීම හේතුවෙන් පාලක පක්ෂය ජාකොබ් සූමා ඉවත් කිරීමේ නීත්‍යනුකූල ප‍්‍රවේශයකට මෙසේ එළැඹීමට කටයුතු කෙරෙමීන් පවතින බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.
DE සිල්වා