FAST NEWS

24×7 Around the Globe

වරාය, දුම්රිය සහ සෞඛය වර්ජනයකට සැරසෙයි..

වරාය, දුම්රිය සහ සෞඛය ක්‍ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් වැඩවර්ජන සූදානමක පසුවන බව වාර්තා‍ වේ.

කලක් තිස්සේ තමන් මුහුණ දුන් වෘත්තීය ගැටළු වලට වත්මන් රජයෙන් නිසි විසඳුම් ලබා නොදීම මෙම වැඩවර්ජන වලට හේතුව බව එම වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශකොට ඇතත් එම වර්ජන පසුපස වත්මන් රජය අස්ථාවර තත්ත්වයට පත් කිරීමේ උපාය මාර්ගයක් ඇතැයි ද ඒවාට සම්බන්ධ නොවන වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

කෙසේ හෝ ඉදිරි දින කිහිපය තුළ මෙම වැඩවර්ජන රැල්ල දියත් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.