FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව අධි චෝදනා..

වර්තමාන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට පොලීසිය අධිචෝදනා ගොනු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් සම්බන්ධ නඩු 02 කට අදාළව ප්‍රමාණවත් තරම් සාක්ෂි හමුවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල පොලීසිය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමීන් අගමැති නෙතන්යාහු එරම මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය.
අගමැති නෙතන්යාහු චෝදනා ලැබිය යුතු ද යන්න සම්බන්ධ අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ ඊශ්‍රායල නීතිපතිවරයා බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ධනවත් ව්‍යාපාරිකයින් ලබා දුන් බව කියන ත්‍යාගවල ව්‍යාජ බිල්පත් සම්බන්ධයෙන් සහ පුවත්පත් ප්‍රකාශකයෙකු සමග සිදු කෙරුණා යැයි කියන ගිවිසුමක් සම්බන්ධයෙන් නෙතන්යාහුට එරෙහිව මෙම චෝදනා එල්ල වී අතැ බවත් වැඩි දුරටත් කියැවෙයි.
DE සිල්වා