FAST NEWS

24×7 Around the Globe

ශිතසෘතු ඔලිම්පික් තරඟාවලියේ පළමු රන් පදක්කම අමෙරිකාවට..

දකුණු කොරියාවේ පියෝන්චෑන්ග් හිදී පැවැත්වෙන ශිතසෘතු ඔලිම්පික් තරඟාවලියේ ඇ‍මෙරිකාව එක්සත් ජනපදය වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනිමට 17 හැවිරිදි රෙඩ් ගෙරාඩ් සමත් විය.

හිමමත ලිස්සායාමේ තරඟ ඉසව්වෙන් ඔහු එම රන් පදක්කම ලබා  අතර ස්කේටර් තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් සෙමෙන් එලිස්ට්රාරටොව් රුසියාව වෙනුවෙන් පළමු පදක්කම ලබා ගැනිමට සමත් විය.

පදක්කම් සටහනේ පෙරමුණ ගැණිමට ජර්මනිය සමත්ව ඇත ඒ රන් පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කමක් ලබා ගනිමින්ය නෙදර්ලන්තය රන් පදක්කම් දෙකක්, රීදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් ලබා දෙවන ස්ථානය පසුවන අතර නොර්වේ රාජ්‍ය රන් පදක්කමක් හා රීදි පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලබා තුන්වන ස්ථානයට පත්ව තිබේ.

මීට අමතරව අමරිකාව, ඔට්‍රේලියාව, ප්‍රංශය, දකුණු කොරියාව සහ ස්විඩනය රන් පදක්ම් එක බැගින් ලබාගෙන ඇත