FAST NEWS

24×7 Around the Globe

ඩේල් ස්ටේන් කඩුලු 400 සමාජයට. (ලැයිස්තුව)

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 400 සීමාවට ළඟාවූ 13 වැනි ක්‍රීඩකයාවීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්ට අද (30දා) හැකිවිය.

හිටපු නායක ෂෝන් පොලොක්ගෙන් පසු මෙවැනි දස්කමක් දැක්වූ පළමු දකුණු අප්‍රිකානු පන්දු යවන්නා ස්ටේන් වේ.

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තමිම් ඉක්බාල්ගේ කඩුල්ල දවාගනිමින් ස්ටෙන් මෙම කඩයිමට ළඟා විය. මෙහි හරියටම දෙගුණකින් කඩුලු බිඳහෙලා ඇති ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් මෙහි ඉදරියෙන්ම සිටියි.

Stain