FAST NEWS

24×7 Around the Globe

සංගා මහේල හා තිලාන් පරයා ධනංඡය ඉදිරියට පැමීණෙයි..

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර සම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ධනංජය සිල්වා අද (02) සමත්වූයේය.

බංග්ලාදේශය මෙව විට පැවැත්වෙන ටෙස්ට් තරගයේදි, සිය 12 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ධනංජය මේ වන වින විට නොදැවී ලකුණු 156* රැස්කරගෙන සිටින අතර ඒ අනුව ඔහු ඉනිම 23 කින් ලකුණු 1000 සම්පූර්ණ කළේය.

රොයි ඩයස් (1982), මයිකල් වැන්ඩොට් (2008) මිට පෙර ඉනිම 23කදී ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර සිටියහ.

මහේල ජයවර්ධන (24), තිලාන් සමරවීර (24), කුමාර් සංගක්කාර (25), දිනේෂ් චන්දිමාල් (25) අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ සෙසු ක්‍රීඩකයෝ වෙති.

DE සිල්වා