FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකාව තවත් 326 ක් පසු පසින්..

බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය දෙවන දිනය සඳහා නතර කරන විට ශ්‍රී  ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ධනංජයද සිල්වා ලකුණු 104ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් ද, ලබා සිටියේය.

බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 513ක් ලබාගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 326ක් පිටුපසින් සිටියි.