FAST NEWS

24×7 Around the Globe

රනිල්ට අගමැතිකම අහිමී විමට බය වුනේ විජීත හේරත්..

රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති තනතුර අහිමි වීමට බය වුණේ විජිත හේරත් මහතා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිස්සමහාරාමේ පැවති ජන හමුවකට එක්වෙමින් පවැසීය
ශ්‍රී.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“සිරිසේන ජනාධිපතිතුමා ඊයෙ පෙරේදා කිව්වා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ හොරු කිව්වා. ඊට පහු වෙනිදා එතුමා කිව්වා 96දෙනාම අවොත් මම ආණ්ඩුව හදනවා කියලා. ඒ කියන්නේ හොරුත් එක්ක ආණ්ඩුව හදනවා. ඊට පහුවෙනිදා එතුමා කිව්වා තුන්වෙනි දවසේ මේ ආණ්ඩුව 2020 දක්වා ඉදිරියට යනවා. දැන් කවදා කිව්ව එකද අපි විශ්වාස කරන්නේ ජනාධිපතිතුමනි. පෙරේදා කියපු එකද? පළමුදා කියපු එකද? ඊට පහුවෙනිදා කියපු එකද?”

“ දැන් ජනාධිපතිතුමා බොරුවට හරි එහෙම කිව්වයි කියමුකෝ. මේකට කලබල වුණේ විජිත හේරත් ගොයියනේ. මෙන්න හත්වලාමේ මාධ්‍ය සාකච්ජාවක් තියලා විජිත හේරත් ගොයියා කියනවා ඒකාබද්ධයත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුව හැදුවොත් යහපාලනය ප්‍රතිපත්තියට පටහැනි. ඈ බන් විජිතයෝ එතකොට යහපාලන ප්‍රතිපත්තියට අනුකූලද රනිල් එක්ක මහ බැංකුවක් සුද්ධ කර කර හොරා කකා යන ආණ්ඩුවද? රනිල්ට අගමැතිකමට ආණ්ඩුවට තට්ටු වෙයි කියලා දැනිච්ච ගමන් බය වුණේ විජිතයා. ඩෝප් සීන් එකේ ගිහිල්ලා ලයිට් කණු වල හප්පුනාම පොලීසියෙන් ශේප්මන්ට් එකක් දාගත හැකිනේ බැලුම පුම්බන්නේ නැතුව. අනුර දිසානායක හොරු අල්ලන විධායක සභාවේ ඉන්න වෙලාවේ නේද දවස් 20න් මහ බැංකුවට වැඩේ දුන්නේ? අගමැතිතුමනෝ, මොළයානෝ. අම්මප එහෙම මොළයක්. මෙච්චරකල් මේ රට පාලනය කරපු කාටවත් හිතුනද ජනාධිපතිතුමනි මහ බැංකුවෙන් ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.