FAST NEWS

24×7 Around the Globe

පළමු,දිනය අවසානයේ බංග්ලාදේශය ලකුණු 374 යි…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරඟය අද (31) චිතගොන් හිදී ආරම්භ වූ අතර තරඟයේ පළමු දිනය වන අද දිනය නිමාවන විට කාසිය වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩාකරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 374ක් රැස් කරගෙන සිටියේය.
විශිෂ්ට පිති හරඹයක නිරත වු මොමිනුල් හක් දිනය නිමා වන විට නොදැවී ලකුණු 175 ක් ලබා සිටියේය.
එම ඉනිම වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම් ලකුණු 92 ක් සහ තමීම් ඉක්බාල් ලකුණු 52 ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 02 ක්ද දිල්රුවන් පෙරේරා සහ ලක්ෂාන් සදකැන් එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළීමට සමත් විය