ජනාධිපතිතුමනි පෙබරවාරි 10 වැනිදාට පෙර ඔබතුමාගේ කඩුව හෝ මඩුවලිගය හරි පාවිච්චි කරලා පුළුවන් නම් අගමැතිතුමා ඉවත්කරන ලෙස ඉල්ලනවා යැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මහා ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
ඒ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“රට හදන්න ඡන්දය දීලා මහ බැංකුවට ගහපු හොරකම් කරපු අගමැතිට පුළුවන්ද ගම හදන්න. මේක විහිළුවක් මේවාට රැවටෙන්නේ එපා. ජනාධිපතිතුමාට අපි කියනවා මේ 10 වැනිදාට කලින් ජනාධිපතිතුමාගේ කඩුව පාවිච්චි කරලා අගමැතිතුමා අයින් කරන්න කියලා. නැතිනම් ශ්‍රි.ල.නි.පක්ෂයටවත් ඡන්දය දෙන්න එපා. ජනාධිපතිතුමා කියනවා හොරකමක් වෙලා තියෙනවා කියලා. ජනාධිපතිතුමා පත් කළ කොමිසමෙන් පැහැදිලිව කියලා තියෙනවා අගමැතිතුමා මේකට වගකිවයුතුයි කියලා. එහෙම තියෙද්දි ජනාධිපතිතුමා අගමැතිතුමා තවමත් තියාගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමාට අයිතියක් නැහැ. හොරු අල්ලනවා හොරු අල්ලනවා කියන්න. රවී කරුණානායක අයින් කරන්න පුළුවන් නම් ඇයි අගමැතිතුමා අයින් කරන්න බැරි? ජනාධිපතිතුමා කථා කරනවා හොරු අල්ලන්න ඕන කියලා. අවුරුදු තුනකට පස්සේ තමයි ජනාධිපතිතුමා නැගිටලා තියෙන්නේ. අගමැතිතුමා කථා කරන්නේ රටේ කිසිදු ප්‍රශ්නයක් නැති විදියට මේ රටේ ලොකුම හොරකම තමයි බැදුම්කර හොරකම. මහ බැංකුව හොරකම් කළේ කවුරුත් නෙවෙයි රටේ අගමැති. එල්.ටී.ටී.ඊ යවත් මහ බැංකුව හොරකම් කරන්න ගියේ නැහැ.එල්. ටී.ටී එක ගැසුවේ මහජන බැංකුවට. සමහරක් තැන්වල ගැසුවේ ලංකා බැංකුවට යහපාලන ආණ්ඩුව බලයට පත්වෙලා පළමුවැනි මාස තුනේ ගැසුවේ මහ බැංකුවට. ජනාධිපතිතුමා අගමැතිතුමාට කිවා අර්ජුන් මහේන්ද්‍රන් අයින් කරලා දමන්න කියල නමුත් සත පහකට ගණන් ගත්තේ නැහැ.2015 මහ මැතිවරණයට ගියා නමුත් යු.එන්.පි එකට බැරි වුනා 113 හදා ගන්න.
“මේ රටේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි හොරකමක් වුනේ නැහැ. එජාපයට ඡන්දයක් ඉල්ලන්න අයිතියක් නැහැ. ශ්‍රි.ල.නි.පක්ෂයට ජනාධිපතිතුමාට ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ අගමැතිතුමා මෙතන තියා ගෙන කඩුව, මඩු වලිගය පාවිච්චි කරනවා නම් ඔන්න වෙලාව. එහෙම නැතිව ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ. බිලියන 11.5ක් කියන්නේ ගෙවල් හදනවානම් ගෙවල් 5000ක් හදන්න පුළුවන්. එජාපයේ නායකයින් ඔක්කොම බංකොලොත් රනිල්ට බැහැ කරුටත් බැහැ. ජනාධිපතිවරණයක් ආ විට ජනාධිපති අපේක්ෂකම දෙනවා කාට හරි බද්දට තරග කරන්න. අවස්ථා දෙකකදි රනිල් වික්‍රමසිංහට බැරි වුනා ජනාධිපතිකමට තරග කරන්න. අගමැතිතුමා එජාපය කනත්තකට ගෙනියනවා. කනත්තට ගෙනහින් කනත්තේ වලලන්න කලින් තමයි අපි කනත්තේ ගෙට්ටුව ළගින් බැහැලා අලුත් ගමනක් ආරම්භ කළේ. එක තමයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ.නමින් පක්ෂයක් හදලා අලුත් ගමනක් ආරම්භ කළේ. ආගමික සංහිදියාව අපි ගමන් ආරම්භ කරනවා. රවුෆ් හකිම්ට, විග්නේශ්වරන්ට, බදුර්දින්ලාට ඒක කරන්න බැහැ ඒ අය කරන්නේ වෛරය පතුරුවන එකයි.” යැයිද ඒ මහතා පැව
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.