FAST NEWS

24×7 Around the Globe

දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 ක් මරුට..

දකුණු කොරියාවේ රෝහලක හටගත් ගින්නකින් 41 දෙනකු පමණ මියගොස් 70 දෙනකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

සේජොං රෝහලේ පළමුවන මහලේ පිහිටි හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතිවු ගින්න ඉතා ඉක්මනින් පැතිරුණු බවත් එය නිවා දැමීමට පැය කිහිපයක් ගතවූ බවත් ගිනි නිවන අංශ ප්‍රධානි පවසා තිබේ.

ගිනිනිවන අංශ විසින් ප්‍රධාන රෝහල් ගොඩනැගිල්ලේ සිරවී සිටි 200ක පමණ පිරිසක් බේරාගෙන ඇති බවත් ,ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බවත් විදෙස් වාර්තා කියයි.

DE සිල්වා