FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ අලුත් අගමැති පුටුව පළුවක් ගලවන කරූට..!

ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ කතානායක කරූ මහතා අතර රහස් සාකච්ඡා වටයක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පතක් වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දීම සදහා සැලසුමක් ලෙස මෙම කටයුතු සිදු වන්නේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකුගේ මැදිහත් වීමෙන් යැයිද සදහන්ය.

දෝෂාභියෝගයක් ගෙන ආවහොත් ඊට මුහුණ දෙන ආකාරය ගැන ජනාධිපතිවරයා කතානායකවරයා සමග සාකච්ඡා කර ඇති බවද පැවසේ.

එවන් තත්වයකදී කරු ජයසූරිය මහතා අගමැති ධුරයට පත් කර එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක් කර ගනිමින් නව ආණ්ඩුවක් ඇතිකිරීමට සාකච්ඡා වී ඇති බවද දැක්වෙයි.