එක්දින තරග ඉතිහාසයේ එක් පිතිකරුවෙක් ,තනි ක්‍රීඩාංගණයක් තුළදී වැඩිම ලකුණූ ලබා ගනිමීන් ශ්‍රී ලංකා හිටපු පිතිකරු සනත් ජයසුරිය තබා තිබු වාර්තාව බිඳ දැමීමට බංග්ලාදේශ පිතකරු තමීම් ඉක්බාල් සමත් විය.
ශ්‍රී ලංකාවද සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග මෙ වන විට පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ඉක්බාල් බංග්ලාදේශයේ ෂෙරා බන්ග්ලා ජාතික ක්‍රීඩාංගණය තුළ පමණක් එක්දින ජාත්‍යන්තර තරග 74 කට සහභාගි වී ඉනිම් 71 ක් ක්‍රීඩා කරමීන් ලකුණූ 2517 රැස් කරගනිමීනි.
මීන් පෙර සනත් ජයසුරිය ශ්‍රී ලංකාවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ එක්දින ජාත්‍යන්තර තරග 71 කට සහභාගි වී ඉනිම් 70 කට ක්‍රීඩා කරමීන් ලකුණූ 2514 ක් රැස් කරගනිමීන් මෙම වාර්තාවට හිමීකම් කිවේය.
වාර්තා සටහන..
DE සිල්වා








