ජනාධිපති ට්රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව සිය පළමුවැනි විරෝධතාව පැවැත්වූ ‘Women’s March’ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ධුර කාලයට වසරක් සපිරෙද්දී ඇමෙරිකාවේ සහ ලොව වටා කාන්තාවන් ලක්ෂ ගණනක් විරෝධතාවට කැඳවීමට සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකාව පුරා මෙන්ම යුරෝපීය, ආසියානු සහ අප්රිකානු රටවලද මෙවැනි විරෝධතා සංවිධානය කර ඇත.
නිව්යෝර්ක් නගරයේ පැවැති උද්ඝෝෂණයට ලක්ෂයක් පමණ සහභාගි වූ අතර ලොස් ඇන්ජලීස් හි පැවැති උද්ඝෝෂණයට ලක්ෂ තුනක් පමණ සහභාගි වූ බව සඳහන් වේ.
DE සිල්වා









