FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ ශ්‍රී ලංකා දෙවැනි තරගය අද..

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන තරගය අද (21) දිවා රාත්‍රි  තරගයක් ලෙස  පැවැත්විමට නියමිතය.

තරගාවලියේ තවදුරටත් රැදි සිටිමට නම් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වෙයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන්ම පරාජයට පත් විම මීට හේතුවයි.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය යම් හෙයකින් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකා පිලට තුන්කොන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇත.