FAST NEWS

24×7 Around the Globe

විපක්ෂය නායක ධුරය අනුරට..!

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමඟ සන්ධාන ගත වුවහොත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ නායක, වත්මන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක හට හිමිවීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් හට එවැනි සන්ධානයකදී රජයේ වගකිවයුතු ඇමැති ධුරයක් ලැබීමට බෙහෙවින් ඉඩ ඇති නිසා විපක්ෂ නායක ධුරයේ ඇතිවන පුරප්පාඩුව ජ.වි.පෙට හිමිවන බව එම ආරංචි මාර්ග පැවැසීය.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සමඟ සන්ධාන ගතවීම යනු මෙරට වත්මන් දේශපාලනයේ සිදුවන මහා පෙරළියක් වන බැවින් ඇතැම් විට එක්සත් ජාතික පෙරමුණේ වෙනම ආණ්ඩුවක් ඇති වීමේ පෙරමඟ ලකුණු පහළ වීම යැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත යුතු අතර ඒ සඳහා එ.ජා.ප.ය සමඟ එකට සිටිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ විශ්වාසය බැවින් නව වැඩපිළිවෙළක් ගැන එම පක්ෂ දෙකේ සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට තිබේ