FAST NEWS

24×7 Around the Globe

විවාහ නොවු නවසීලන්ත අගමැතිනීය ගැබ්බර වෙයි..

විවාහක කාන්තාවක නොවන නවසීලන්ත අගමැතිනී ජැසින්ඩා ඇර්ඩර්න් ගැබිනියක බව නිවේදනය කර තිබේ..

ඇය ජීවත් වන්නේ ඇගේ සහකරු ක්ලාක් ගේෆර්ඞ් සමඟ වන අතර දරු උපත ලබන ජූනි මාසයේ සිදුවනු ඇතැයි වෛද්‍යවරු පවසා ඇතැයි ද විදෙස් වාර්තා පවසයි.

සිය ටිව්ටර් ගිණුම ඔස්සේ අගමැතිනිය මේ බව නිවේදනය කළ නවසීලන්ත වැසියන් වෙත පළමුව නිවේදනය කර තිබේ.

37 හැවිරිදි ජැසින්ඩා ඇර්ඩර්න්, 1856 වසරෙන් පසු නවසීලන්තයේ ළාබාලතම අගමැතිවරිය වන අතර ඇය නවසීලන්ත කම්කරු පක්ෂයේ නායිකාව ද වෙයි.

ඇය අගමැති ධුරයට පත් වූයේ පසුගිය 2017 ඔක්තෝබර් මාසයේදිය.

DE සිල්වා