නවසීලන්තයේ පැවැත්වෙන 2018 – 19 න් පහළ එක්දින ලෝක කුසලානයේ මුලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (19) පැවැත්වුණූ තරගය කඩුළු 03 කින් ජයගහ්‍රණය කිරිමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 02 ක් තුළ සියළු දෙනා දැවී ලකුණූ 188 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 03 ක් තුළ කඩුළු 07 ක් පමණක් දැවී සිය ජයග්රාහි ඉලක්කය පසු කර යමීන් ලකුණු 190 ක් රැස් කර ගැනීමට සමත් විය.
එ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලියෙන් ඉවත් වන අතර මෙම ජයග්‍රහණය සමඟ පාකිස්තාන කණ්ඩායම අර්ධ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබීය.
ලකුණූ පුවරුව..











