FAST NEWS

24×7 Around the Globe

ජනපති අගැමැති කැබිනට් සංශෝධනයකට යයි…

පළාත් පාලන ඡන්දයෙන් පසුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකරනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්ඩුවේ වසර දෙකක් සඳහා වූ අවබෝධතා ගිවිසුමේ කාලය මේ වනවිට අවසන් වී ඇති අතර මැතිවරණයෙන් පසුව එම ගිවිසුම දීර්ඝ කිරීමේදී කැබිනට් සංශෝධනය සිදුකිරීමට යෝජනා වී ඇතැයිද පැවසේ.

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය කැබිනට් සංශෝධනයක් බලාපොරොත්තු වන බවත්, එහිදී එජාප දෙවැනි පෙළ කණ්ඩායමට ප්‍රධාන අමාත්‍ය ධූර හිමිවීමේ ඉඩක් ඇතැයිද වැඩිදුරටත් කියැවෙයි…