FAST NEWS

24×7 Around the Globe

සමනලී ෆොන්සේකා ඇතුළ 11 ක් මත්පැන් වෙනුවෙන් අධිකරණයට යයි..

කාන්තාවන්ට මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට රජය ගත් තීරණයෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් නිළියක වන සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවෝ එකොළොස් දෙනෙක් ඊයේ (17)ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එ අනුව සමරවීර මහතා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තීරණයෙන් කාන්තාවන්ගේ සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි පවසන පෙත්සම්කාරියෝ කාන්තාවන්ට සුරාසැල්වල සේවය කිරීම හෝ මත්පැන් මිලදී ගැනීම වළකාලීමට නීතිමය අයිතියක් නොමැති බව ප්‍රකාශ කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

සමනලී ෂානිකා ෆොන්සේකා මහත්මියට අමතරව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිෂාන්ති බණ්ඩාරනායක, එම්.ඩී.ජේ.බී.ප්‍රනාන්දු, චන්දිමා රවිනි ජිනදාස, දීපාන්ජලී අබේවර්ධන,සබ්රීනා එසුෆුලි, ෂාරන්‍ය සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව,සුජාතා ගමගේ, විශාකා පෙරේරා තිලකරත්න යන කාන්තාවන් විසිනි.