FAST NEWS

24×7 Around the Globe

ජනපති ගෝඨා – අගමැති මහින්ද කරන සැලසුම රොෂාන් දිග අරියි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කියයි.

යහපාලන ආණ්ඩුව පත්වූ විගස මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට යෝජනාවක් සම්මත කර ගත් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා නමුත් ඊලඟ ජනාධිපතිවරණයේදී එය ප්‍රශ්නයක් නොවන බවත් කියා සිටියේය.

එ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.

“ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වෙනකොට විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ගෙනෙන සැලසුමේ තීරණාත්මක මැතිවරණයක් මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නේ“ යැයිද මන්ත‍්‍රීවරයා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් කියා සිටියේය.