FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තාන හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32 ක පරාජයක්..

19 පහළ ලෝක කුසලානයේ අද (17) පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32ක පරාජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර මෙම තරගය පැවැතවුණු අතර , ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 284 ක් රැස් කළේය.

වර්ෂාව හේතුවෙන් දෙවැනියට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38දී ලකුණු 235ක ඉලක්කයක් හිමිවුවද, පන්දුවාර 37.3දී සියලුදෙනා දැවී රුස්කරගත හැකිවූයේ ලකුණු 202ක් පමණි.

ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නම් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පාකිස්තානය සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජයගන්නට සිදුව තිබේ.

DE සිල්වා