ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකාය (ABF) සහ ඉන්දුනීසියා සාගර ආරක්ෂක ඒජන්සිය (BAKAMLA) අතර අත්සන් කරන ලද නව තොරතුරු හුවමාරු සැලැස්ම අන්තර්ජාතික සාගර දේශසීමා ආරක්ෂණය සම්බන්ධයෙන් එල්ලවන තර්ජනවලට එරෙහිව දෙරටේ කැපවීම යළි තහවුරු කර ඇති බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකාය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සාගර දේශසීමාවනට සිදු වන අන්තරායකර බලපෑම්, යාත්‍රාවල සැක කටයුතු හැසිරීම් සහ දේශසීමා හරහා ගමන් කිරීමට උනන්දුවක් දක්වන නෞකාවල තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා දෙරටේ බලධාරීන් මේ යටතේ කටයුතු කරනු ඇත. ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකා සහ ඉන්දුනීසියා සාගර ආරක්ෂක ඒජන්සි නිලධාරීන් මේ යටතේ සම්බන්ධීකරණ මුර සංචාර සහ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම ද සිදු කෙරෙනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකා කොමසාරිස් මයිකල් ඔටම් කියා සිටියේ සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ මෙම ගිවිසුමට කලාපයේ රටවල් සඳහා පුළුල් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇති බව ය.
ආසියා පැසිෆික් කලාපයේ රටවල අනෙකුත් හවුල්කාර රටවල් සමඟ වැඩ කිරීම, ඕස්ට්‍රේලියාව සහ සිය අසල්වැසියන් ආරක්ෂා කිරීම හා කලාපීය ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා තීරණාත්මක වන අතර එය සීඝ්රයෙන් පැතිරෙන කලාපයේ සාගර තර්ජනවලට මුහුණ දීම පිණිස වන මනා පිළිතුරක් වනු ඇතැයි ද සිටින බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකා කොමසාරිස් මයිකල් ඔටම් තවදුරටත් කියා සිටියේ ය.
“මත්ද්‍රව්‍ය හා අනෙකුත් නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය, නීතිවිරෝධී මුහුදු යාත්‍රා පැමිණීම, ස්වභාවික සම්පත් සහ නාවික කටයුතු සූරාකෑම ආදී කලාපීය ව සිදු වන තර්ජනවලට මුනුණ පෑම පිණිස දේශීය සහ ජාත්‍යන්තර දේශසීමා නියෝජිතායතන අතර සහ නීතිය බලාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බවත් අන්තරාදායී මිනිස් ජාවාරම්කරුවන්ගේ සාපරාධී ජාල බිඳ දැමීම හා විසුරුවා හැරීම සඳහා විශාල කැපවීමක් කරන තම සටනෙහිදී ඉන්දුනීසියාව සමඟ සමීපව කටයුතු කිරීම තම බලාපොරොත්තුව බවත්” ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බලකාය කියයි.