FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවට පළාත් 07 ක ජය – බැසිල්

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් 07 ක ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් උතුර හා නැගෙනහිර පළාතවල දෙවැනියා විය හැකි බවත් එම පක්ෂයේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියයි.

අලුත් පක්ෂයක් ලෙස ඉතා අඩු කාලයක් තුළ මෙවර මැතිවරණයට මුහුණ දිමට බලාපොරොත්තු වන බව පැවසු බැසිල් රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ අම්පාර හා සේරුවාවිල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර හා මඩකලපුව ප්‍රථම වරට ඉදිරිපත් වන තැන් අතරින් විශාල තරගයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ද පවසයි.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව තුළින් රටේ ජාතික සමඟියට හා ස්වෛරීයභාවයට බොහෝ හානි සිදුවී ඇති බව ද කියා සිටි රාජපක්ෂ මහතා නීතියේ ආධිපත්‍ය අද වන විට බිඳවැටී ඇති බවද පෙන්වා දෙයි.

DE සිල්වා